නිහඩ කල්පනා පාවී

නිහඩ කල්පනා පාවී හදෙහි දැවටුණා
ඒ සිතල මංපෙතේ අප තනිවී මිමිණුවා
හඳ අරා නෙතු කඳුලු කැට කොපුල් පුරා වැගිරුණා
සඳේ සොමි ගුණ ගෙනා ඔබ සයනයේ වැතිරිලා

මේඝයක් සේ ගලා ආ දුක් කඳුලු හැම ඉවසලා
පහන් ටැඹක් සේ මා අභියස පබා කැලුම් සලාලා
නොසිදෙනා දිය කඳුර සේ ජිවන ගඟ පොහොනි කලා
නැගෙන රළ වේදනා සිහින ගඟුලෙන් මා සැනහි ගියා

දෙරණ ඒ චන්ඩ වූ හැම කම්පනා ඔබ හදේහි රදවලා
සිහිළැල් මන්ද මාරුතය වී මගෙ හිත පිරිමැද සුවපත් කලා
කිණිහිරි පෙති ලමැද මත මාගෙ මුව මඩල සතපලා
දාහය නිවාලා ජිවිතේ මල් ඵල දැක ඔබ සතුටින් ඉපිලුණා

Comments

Popular Posts