ළාහිරු දහසක්
ළාහිරු දහසක් නැගී හදේ
පිපුණු කැකුළු මල් මකරන්දෙ
රසයෙනි මා මනදොල පිරුණේ
විසිරුණු සුසුමන් ඔබ ආදරයෙනි හාදවුණේ
මා අග මෙහෙසිය වී
කිරුලු පලන් ඒ සුභ දවසේ
ප්‍රාර්ථනා දහසක් මල් මැද
ඔබේ රුවමයි නෙතු වැකුණේ
මල් කෙමි මල් පැණි පිරී
මමන අයුරු දැක ඔබේ දෙතොලේ
සිතුම් අසපුවේ දැහැන මිදී
ආශා විජිතේ දොරගුලු ඇරුණේ
සුරිය පෙරම්බරේ දිනී
ස්නේහ කැළුම් සලා ඔබෙ දේනෙතේ
සදේ සොමි ගුණ නැගුනි හදේ
ඔබේ ආදරයේ උණුසුම දැනුනේ
පිපුණු කැකුළු මල් මකරන්දෙ
රසයෙනි මා මනදොල පිරුණේ
විසිරුණු සුසුමන් ඔබ ආදරයෙනි හාදවුණේ
මා අග මෙහෙසිය වී
කිරුලු පලන් ඒ සුභ දවසේ
ප්‍රාර්ථනා දහසක් මල් මැද
ඔබේ රුවමයි නෙතු වැකුණේ
මල් කෙමි මල් පැණි පිරී
මමන අයුරු දැක ඔබේ දෙතොලේ
සිතුම් අසපුවේ දැහැන මිදී
ආශා විජිතේ දොරගුලු ඇරුණේ
සුරිය පෙරම්බරේ දිනී
ස්නේහ කැළුම් සලා ඔබෙ දේනෙතේ
සදේ සොමි ගුණ නැගුනි හදේ
ඔබේ ආදරයේ උණුසුම දැනුනේ
Comments