දඟකාර මනහාර සිලිලාරේ

දඟකාර මනහාර සිලිලාරේ
මනබැන්ද සුරනන්ද හැඩකාරියේ
නයනින්ද මදහාස බැල්මන් හදේ
පෙම් සිතම ගීයක් වි දසතේ ඇසේ

දිගු  නීල නෙතු සඟළ හගවන්නේ ළෙංගතුකම
විලිකුන් සුරත් රතදර අයදින්නේ පෙම් මධු රස
විකසිතවෙන්න පොර බඳින පෙම් සිත
පැතිරෙන්නේ මල් කැකුළේ සුගන්ධය

සනහාල සතපාලා මම ඉන්නේම් පවන් සලා
ගත නාරි මනලෝල පොඟවා සොමි සඳ දියෙන් තෙමා
නලවාලා නිදි කරමි පියවා ඉදුනිල් නයන
එක් කළ දාට දෑගිලි රන් කෙන්දෙන් බැඳ



Comments

Popular Posts