හන්තානේ කඳුරුල්ලේ
හන්තානේ කඳුරුල්ලේ
මහවැලි ගං කොමලිය දෙගොඩතලලා
පිඹිඳ මැළවුණ කුසුම් පුරාණය
ගෙනේ කඳුලු නෙතඟට හද තෙත් කරවාලා
හන්තානෙදි ඔබ හමුවූවා නම්
ළවැලි තලා මත ආදර නදියේ
කැළඹී ඉන්නට තිබුනා
එනමුදු මහොඝයකි ඔබ
මා දිවියට සිරිලිය වීලා
හන්තානෙදි ඔබ හමුවූවා නම්
ලතා මඬුලු තුළ ගුලි වී පෙම්බස්
දොඩන්නට තිබුනා
එනමුදු ආදරයේ දෙව්රුව ඔබ
මා මනසට සිහිලස වීලා
මහවැලි ගං කොමලිය දෙගොඩතලලා
පිඹිඳ මැළවුණ කුසුම් පුරාණය
ගෙනේ කඳුලු නෙතඟට හද තෙත් කරවාලා
හන්තානෙදි ඔබ හමුවූවා නම්
ළවැලි තලා මත ආදර නදියේ
කැළඹී ඉන්නට තිබුනා
එනමුදු මහොඝයකි ඔබ
මා දිවියට සිරිලිය වීලා
හන්තානෙදි ඔබ හමුවූවා නම්
ලතා මඬුලු තුළ ගුලි වී පෙම්බස්
දොඩන්නට තිබුනා
එනමුදු ආදරයේ දෙව්රුව ඔබ
මා මනසට සිහිලස වීලා
Comments