චලලොචනී

චලලොචනී මා සිත් අරණේ
සුහදිනිය වේ මා දිවි කතරේ
මනහාර වේ මාගේ ලද ප්‍රේමෙනී
ඳගකාර මාගේ රූ රැජිනියේ

ගිම්හානේ ගෙවිලා වසන්තේ උදාවී
නිල්ල පැතිරිලා ආදරේ දළුලා වැඩේවී
විහග ගීත ගායනා දොර දොර ඇසේවී
හිතම කළෙලි වීලා නැවුම් කිරණ විහිදේවී

දඟකාර යෞවනේ පෙම් රස ඉතිරී
සරතැස නිවීලා මල් මදහස පිරෙවී
සිත උණුසුමින් පිරීලා ආදරය විකසිත වේවී
පාරමි පුරා ගෙනාව සිහින පොදි මල් පිපේවී


Comments

Popular Posts