යුවතියකගෙ තනිවීම
පුර පෝ දා සඳ නාවත් ඔබ එතැයි සිතුවා
දිය රළ වෙරළ හමුනොවුවත් ඔබ හමුවෙතැයි සිතුවා
හෙට හිරු නොනැංගත් මගෙ අදුරු අහසට ඔබ පායාවී සිතුවා
ශුෂ්ක වු මගෙ සිතුවිල්ලට දිය බිදක් වෙතැයි සිතුවා
ඔබ එනතුරා හැඬු කඳුලින් සයුර පිරුණා දෝ
ඔබ හමුවෙතැයි ගැනු දින මගෙ කෙස් ඉදී දෝ
සිතුවිලි නියගයට හසු වී මිය ගොසින් දෝ
ඔබ සතුටින් බව දන්නා නිසා මා සිත සැනසේ දෝ
ප්‍රේමය වනාහි හමුවීම නොව වෙන්වීමයි..........
Comments
අපි පතා අවා වගේ වෙන්වී යං...............
එසේ වෙන්වීම ම පරිත්‍යගය නොවේද?
ප්‍රේමය හොදටම දැනෙන්නේ වෙන්වන විට වගයි.......